Saturday, 7 November 2026

මෘදු සහ දෘඩ - අචිනි අනෝමා දසනායක



හිරු සඳු තරු නුබ ගැබින් එහා
විශ්වය පුරා තිරය මත අත්ලෙ රැඳි
අතඟිලි තුඩින් පාන සෙල්ලම් හැඩ බෝමැයි
තුරුදැල නොදත් මට අරුමයක්මැයි
දැනෙනවද කියන්නකො, නුඹට?

පන්හිඳට පණ පොවා පත් ඉරු පුරාවට
සිහින සිතුවමක හැඩ නෙත් අගින් උරගාපු,
සිසිලයේ සංවාද පපුතුලට ලංකරපු
ඒ හැඟුම් තියෙනවද කියන්නකො,
තුරුදැලේ?

මෘදු, නිය අගින් පහුරු ගා
හිත ඉරන මගේ හැඟුම
පියඹන්න තටු මවන ඉපිලෙනා මගෙ සතුට,
පන්හිඳක තවරනා හිත තවනා
සිසිලසක් දැනෙනව ද, නොදැනුණි ද කියන්නකො
තුරුදැලේ?

- අචිනි අනෝමා දසනායක
anukadasa@gmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්