Monday, 2 November 2026

උස මනසට එන සිතිවිලි (උස මිස නොවේ උසස්) - චන්ද්‍රවංශ ඥානසේකර



හිටියේ බිම ම වුව
සිතිවිලි උඩ ම විය

එකල්හි ධ්‍යාන බලයෙන්
ඉසිවරු ද, රහතුන් ද,
පුෂ්පක යානයෙන් රාවණ ද,
මැජික් පලසින් ඇලඩින් ද,
අහසින් ගිය කථා ඇත

දණගාන පොඩි එකා
නැගිටුවන්නට
ප්ලේ පෙන්, වෝකර් ඇත
දෙපයින් හිටගත් දා සිට
නඟින්නට පඩි ඇත
පඩි නැඟ ඉහළ යන්නට
අහස පීරන මන්දිර ඇත
මිනිස් සිත එහෙම ය
උඩට නැඟ පහළ බලන්නට
ප්‍රිය ය

මේ ඉහළ යන සිතුවිල්ල
ගෙදරට ම ආ කල
ගෙදරත් මහල් දෙක තුන ඇත
ඔද තෙද මද ඇති
තරුණ වයසට නඟින්නේ
අඩියට දෙකට ය
වැටෙන්නෙත් නැහැ
වැටෙයි කියලා හිතෙන්නෙත්
නැත
මැද වයස එනකොට
නඟින්නේ ව්‍යායාමෙට
හැට හැත්තෑව පිරෙන කොට
නැග්ගොත් ඒ
නොකර බැරිකමට
බැස්සොත් නැග්ග මොඩකමට
පය පැකිලුනොත්
දුබල ඇට බිඳෙනු ඇත

මේවා දැක දැකත්
මේවා ම කරනු ඇත
මට එසේ නොවෙනු ඇත
හිතනු ඇත
මනසින් උස මිනිසා එහෙම ය
හිතන්නේ ම උඩ යන හැටි ය
නොහිතන්නෙ ම
වැටුණොත විය හැකි දේ ය

කර්ම විපාක කියන්නේත්
ඔය වගේ දේකට
විය හැකිය!

- චන්ද්‍රවංශ ඥානසේකර
cguoc.gnana@yahoo.co.uk

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්