
වැස්සක් විලස එන මං ලකුණු කිව නොහී
රුසිරු මුව කමල පොරවා නුහුරු කළු වැහී
මට ගස්සාන ඔරවාන රවනා මගේ සුරඟනී
අල්ලාන ගිල්ලා වැනි ය රාහු අද මගේ සඳවතී
නෙත් හීසර නෙතු අග පටලා මන්දක වෙලී
කීව රස කතා කෝලිත්තම් අමතක ද සියුමැලී
හද පුදසුන අරා දිලිසුණු මගෙ තඹර මලී
බැස යනු කිම ද අද මට දී අඳුරු වැහී
- ඉන්දිකා තිලකුමාර
ithilakumara@yahoo.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.