Tuesday, 13 October 2026

රාධා ක්‍රිෂ්ණා - ගයත්‍රී



මධුමත් සුවඳ ප්‍රේමයෙන් මැවෙන රාධා නාමයයි
මනස මෝහනය කරවන මනෝහර ගීතයයි
විරහ කඳුළෙන් මැවෙන ඈ නිශාන්තයේ සඳයි
ක්‍රිෂ්ණා හදෙහි සදා වැයෙනා මිහිරි වීණා නාදයයි

ඈ නීල නයනේ නිශාකරාංශු මැවූ ආලෝකයයි
මල් මුවරඳ සේ හද ගැබ පුරවනා මධු සුවඳයි
විරහ රැයකත් සවන් සොයනා මියුරු වීණා නාදයයි
මගේ ලෝකය මන මෝහනය කළ ප්‍රේම දේවියයි

- ගයත්‍රී
subhagaperera@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි