
පුඟුලෙකු වේ ද යහපත්
විය යුතුයි ගුණවත්,
වීමට ගුණවත්
වේය පදනම
වරදට ලැජ්ජා බයක්.
වළකින්න වරදින්
අන් අයට සිදුවන නිතැතින්
ගුණයකි තිබිය යුතු
වරදට ලැජ්ජාවක්.
හැසිරෙන්න යහපත්
සමාජය පිළිගත්
අනුන් හට මෙත්බර
නීතියට අනුගත
වෙන්න නම් නිතැතින්
ඔත්තප්ප සිතුවිලි
විය යුතුයි සිහියෙන්.
බැහැරවන ලැජ්ජ බය
මූලය වේ නිබඳ
ඇති වෙන්න දූෂණ,
නැතිවෙන්න සාමය,
වියැකෙන්න යුක්තිය,
හේතු වේ ඇතිවෙන්න
අහිතවත් සමාජය.
- කළණ දිසානායක
kalanadsl@gmail.com
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.