Thursday, 8 October 2026

දිවි පුදනා වන වදුලේ - ඉරාණි නිල්මිණී අබේකෝන්



මුතු පලස මත පා නැගු විට
නුඹ මුහුණේ තෙද පැතිරේ
කරඬුව ගෙන යනෙනා තාලය
ඇත් කුලයේ බල මහිමේ
නුඹ අසනා බණ පද නිරිඳුනි
උන් කිසිදා නැත ඇසුවේ
නුඹ කරනා මෙහෙයට මේ සරි
දිවි පුදනා වන වදුලේ

නාද නූ පා තාලයට නිති නටන විට වන්නම්
ඇසෙනවද ඇත් රජුනි හේවිසි නාදයට එපිටින්?
රැහේ උන්ගේ සෝ වලප මැද අරණ අද ගිනියම්
නුඹට හැකිවෙද පා නගන්නට මාලිගා සිරසින්?

රුදුරු වෙස් ගෙන අවි දරා උන් නටන විට සවුදම්
නලළතට ගෙන සාධුනද දෙන පින්බරම දෙඅතින්
රැහේ උන් එක එකා පිට බිම දමන විට නොතරම්
වසාපන් ඔය පාවඩය ගෙන මතකවත වෙනුවෙන්

- ඉරාණි නිල්මිණී අබේකෝන්
iraniabeykoon@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි