Sunday, 4 October 2026

ලෙව්චමී - එස්. එම්. ජයසූරිය



ලෙව්චමී ඔබ තවත් එක් මලෙකි
අකලට පරව ගිය
තේ වත්ත පුබුදු කළ මිහිරාවිය!

ගැබ්බරය හදවතේ ආදරය
මෝරා වැඩුණු ආදරය
එහෙත් අවසන ඇමක් විය
බිලිපිත්තක ආදරය

නමුණුකුල කන්ද සිසාරා
හමා යන පවන
හෙටත් හමාවි
නුඹේ ලැයිම පැත්තට බරව.

වෙනදා මෙන් නොව ඒ
සිසිලක් සැලුමට ය
හුදකලා වූ ඔබ හදට

- එස්. එම්. ජයසූරිය
smjayasuriyalaw@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි