
ලෙව්චමී ඔබ තවත් එක් මලෙකි
අකලට පරව ගිය
තේ වත්ත පුබුදු කළ මිහිරාවිය!
ගැබ්බරය හදවතේ ආදරය
මෝරා වැඩුණු ආදරය
එහෙත් අවසන ඇමක් විය
බිලිපිත්තක ආදරය
නමුණුකුල කන්ද සිසාරා
හමා යන පවන
හෙටත් හමාවි
නුඹේ ලැයිම පැත්තට බරව.
වෙනදා මෙන් නොව ඒ
සිසිලක් සැලුමට ය
හුදකලා වූ ඔබ හදට
- එස්. එම්. ජයසූරිය
smjayasuriyalaw@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
කවියාගේ ආදරය ට පිටුපා අමාරුවේ වැටුණු ඒ ස්ත්‍රිය ට අනුකම්පාවක් පමණි සුළඟට අද ඇත්තේ..
ReplyDelete- දයල් බතී