Wednesday, 7 October 2026

කටු ඇනෙන හාද්දක් - කැළුම් චතුරංග



සිඹිමි ඔබ.
විඳිමි ඔබේ
කඳුළැල්ල, ඉකිබිඳුම.
ගැහෙන හද සමඟ ඔබේ,
එක්වෙමි මමත්.

විඳිමි ඔබේ අත් පහස
මහා පවුරක් මතින්
විටින් විට.

හිනැහෙමින්, ඉපිලෙමින්,
කිතිකවමි මම
නිවන්නට ඔබේ
සංකාව.

සියුම් හෝ සිනාවක්
දකින්නට ඔබේ
මුවග.
නොපෙනුණත් සිපගන්න
ඔබේ අත්ල.

නොඅසමි, නොහඬවමි යළිත්.

නමුත්

කටු ඇනෙන හාද්දක්,
රළු අතක පහසකුත්
ලැබුනොතින්,
මියයන්න පෙර
ඉතින්,
කළලෙකට
සැනසුමක්!

- කැළුම් චතුරංග
akvchathuranga@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි