Monday, 5 October 2026

එපා එන්න කියලා මොකෝ මරිකෝ කිව්වේ? - නිහාල් රූපසිංහ



මැණිකේ විසින් ජෝතිට "එපා එන්න" කියල
වෙව්ච අබග්ගේ මතකයි නේ??
ජෝති නතර උනේ සිංදුවකුත් කියලා
"එපා එන්න කියලා මොකෝ මැණිකේ කිව්වේ...?"

"22ට එරෙහි 24" සජබේ (පෝට්ටු) විරෝධයට,
මං කියන්නේ සජබට තිබුණේ
පෝට්ටු විරෝධයක් මිස
22 විරෝධයක් නොවේ.
පාර්ලිමේන්තුව වටලන්න ගිහින්
හැරිලා ආවේ ඇයි ද කියලා
හිතලා බැලුවම තේරෙනවා.

පාර්ලිමේන්තුව වටලන්න
යූ ඇම් පියට ඇරෙන්න
වෙන කාටවත්
අනේ එන්න එපා කිව්වේ මරික්කාර්.
මරිකෝ = ස...ජි... ත්..

"උන් යන තැනක වත් අපි යන්නේ නෑ!"
"හොරුත් එක්ක අපි නෑ"
ඒ සම්බන්ධව,
NPP ගිය පාරේ
ඒ ඇත්තොත් යනෝ, පේනෝ

අපොයි දෙයියනේ
පෝට්ටුවට අත් වූ ඉරණම!!
"ලබ්බෙන් හරි" ගහලා
වෙච්ච් වැඩේ...
පෝට්ටුවේ විරෝධයට,
වැරදීමකින්
සජියගේ කස්ටිය කුලියට
අරගත්තම වෙනදේ දැක්කනේ
"කවුද හොරා"
"නාමල් හොරා," වචන පටලැව්වා.

කොච්චර කවි, ගී, සින්දු බයිලා කිව්වත්
තර්ක, විතර්ක, ඊනියා විරෝධතා
දක්ෂිණාංශික, මාධ්‍යමික, කොමිනිස්, ඇකඩමික් විරෝධතා ගෙනාවත්
22 සම්මත උනා.
දැන් ඉතිං
සූරසේන පට් පට් ගාලා දැන් වැඩේ දෙයි.

වැඩේ දෙන්නම ඕනා!

ලංකාවම දැවි දැවී ඉන්න
අපරාධ රාශියක් තියෙනවා.
පඳුරට විද විද ඉන්න බවයි
මෙතුවක් කල් පේන්න තිබුණේ,
දැන් ටක්කෙට ම,
ටාගට් එකට ම,
විදින්න පුළුවන් වෙයි.

අල්ලන්න බැරි වූ දරුණු මිනීමැරුම්
දූෂණ, අක්‍රමිකතා, ආර්ථික ඝාතන
ජාතිවාදය ඇවිස්සීම්, ආගම කඩේ යැවීම්,
විෂ මත්ද්‍රව්‍ය ව්‍යාපාර, පාතාල මාෆියා
පවුල් වාදය, කොටින්ම බලය අනිසි ලෙස පාවිච්චි කිරීම...
සමහරු නම් අවධාරණය කරන්නේ
දේශපාලන, සංස්කෘතික සහ ආගමික සංගායනාවන් අත්‍යාවශ්‍යයි කියලා.
මම කියන්නේ ඔක්කොටෝම එක වචනයයි...
Healing
Healing is essential as a whole සමාජයක් විදියට සුවපත්වීම අත්‍යාවශ්‍ය ය!

ගල්කන්දේ ධම්මානන්ද හිමිත්
සමාන දෙයක් කියනවා.
උන්නාන්සේගේ ගුරු වල්පොල රාහුල හිමිගේ ප්‍රකාශන
නැවත උඩට එන්න පටන් අරගෙන.
"මහායාන අභිධර්මය
සූත්‍ර පිටකයත් එක්ක ගැළපේ."
තවත් තිබෙනවා උඩට ආපු විෂයක්.
තවම හරියට සිංහල වචනයක්වත් නැති
Precision Medicine
අමෙරිකාවේ ඇරුණාම
එවැනි විශාල දෙපාර්තමේන්තුවක් තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය
සිරි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයයි.
ඒකත්
මන්නාරම් ද්‍රෝණියේ ගැඹුරු පතුලේ ඇති
ප්‍රයෝජනයට ගැනීමට නියමිත ඛනිජ ශක්ති ප්‍රභව වගේම
ඩොලර් ඉල්ලමක්.
ඒකත් AI හපන්කමක් තමා.

AI, AI කිව්වට එයැයිත් පිස්සු කෙළින්න
පටන් අරගෙන.
එයැයිට ඕන ඕන තැන්වල එයා යනවා,
අර හිත හීලෑ නෑ කියන්න වගේ.
ඒත් ඇතිවෙලා තිබෙන ගැටලු නිසා
AI වලට Robots ලට යට නොවී ඉන්න හැටි
දැන් කථාවෙනවා.

කෙනෙක් විහිළුවට වගේ මගෙන් ඇහුවා
"මොකද ඔබ කියන්නේ?" කියලා.
මං කිව්වේ "ඒ අයි වලට ක්‍රීඩා කරන්න, කලා කටයුතුවල යෙදෙන්න,
භාවනා කරන්න උගන්වන්න" කියලා...

* * *

මතකද 22?
සජබය පාර්ලිමේන්තුව වටලලා
සද්ද නැතුව හැරිලා ආ,
අර තුනෙන් දෙකෙන් සම්මත වූ
22 සංසෝදනේ නෙවෙයි
අර...
නාමල්ලව දූපතකට පන්නපු අවුරුද්ද
(20)22 අවුරුද්ද...

ගෝල්ෆේස් එකේ පැල් බැඳගෙන
සිංදු කිය කිය, නට නට
අරගල කස්ටියේ හිටපු කලණ...
"කූඹියෝ" හි ප්‍රියන්ත මහඋල්පතගම?

ඉතිං ඒ කලණත් බැන්දා කියහන්කෝ.

කලණ-රුෂිනී විවාහය
සමාජ මාධ්‍ය කැළඹුවා, ටිකක්.
කලණට නැති "බර ප්‍රශ්න" රාශියක්
රට්ටුන්ට ඇතිවෙලා.
තවද, "කලණ තමන් රැඩිකල්පොරක්
කියලා සමාජෙට පෙන්නපු එයා
ප්‍රභූ පන්තියට සැට්උනා"
කියලා චෝදනාවකුත් තියෙනවා.

ඒකට පිළිතුරක් විදියට
කලණ කියන්න යෙදුණේ
ලංකාවේ දැන් එහෙම පංතියක් නැති බවයි.
එයා "මහඋල්පතගම චරිතය රඟපෑවාට
එයා මහඋල්පතගම නෙවෙයි" කියලා

කථාව ඇත්ත!

එක, තනි විවාහයකින්
එහෙම වෙනවා නම්
කොච්චර හොඳද? නැද්ද?
අරගල කුමටද තවත්?

ලංකාවේ ඉරිසියාකාර උන්දලා
මොනා කිව්වා කෙරුවා උනත්
අලුත් කෙල්ලෝ ටිකට
New beauti කියන්නේ
"චබී වීම"
නොවුණොත්,
මෙන්න කැට පුතේ.

රුෂිනි කියන්නේ
විජේවර්ධනලාගේ කස්ටිය.
ඒ කියන්නේ...
රනිල්ලගේ කස්ටිය.
අරගලේට ගහපු
උද්ධච්ච රනිල්ගේ නෑදෑයෙක්ව
අරගලේ හිටපු කලණ බැඳලා.

ඔන්න කේස් එක අමුවෙන්ම සහ
කෙටියෙන්ම කියනවා නම්.
පංතිය පාවා දීමක් betrayel.

කලණ කියන්නේ එහෙම පංතියක් නෑ කියලා.

එතකොට එන් පී පී ය බලයට පත් වු හැටියේම
ප්‍රභූ පංතිය අන්තර්ධාන වෙලා ද?
නැතිනම්
එන් පී පී ආණ්ඩුව නැති කළා ය කියන්නේ නොතිබූ ප්‍රභූ පංතියක් ද?
නැති දෙයක් ඇතිකර පෙන්නුවා ද?
නැතිනම්
රනිල්ලා කියන්නේ ප්‍රභුලා නෙවෙයි ද?
විජේවීරලාට, විජය කුමාරතුංගලාට,
පාර්ලිමේන්තුව පළාතේවත් එන්න නොදුන්නේ මොන පන්තිය ද?

මොලේ- මඤ්ඤං-පොලොස් වෙනවා පුතා මේවට!

* * *

ටිල්වින් ගමයි නගරෙයි
බැලන්ස් කරනවා නියමෙට
සුපිරි ආ... that is politics!

ගමට අනුර, කොළඹට හරිනි.
කොළඹට කිරි, ගමට කැකිරි කියලා තමයි ඉස්සර කිව්වේ.
අනුර අමතක කරලා නෑ
තමන් අනුරපුරේ
තනි සිග්නල් කණුව යට
කොල්ලෙක් කියන එක.
සංවර්ධනේ තම ගමටත් ගෙනියන්න
වැඩක් දෙයි හෙමිහිට.

හැම ජනපතිම තමුන්ගේ ගමට සැලකුවා.
පොලොන්නරුව ටෝකියෝව කළා.
හම්බන්තොටට උනත් සැලකුවා.

දුක තමයි
තනියෙන් ම සිගනල් දිදී යන්න වෙලා අනුරට.
අනිත් එවුන් නාගන්න ඒවා හෝදන්නත් එපැයි.
ජනපති ක්‍රමේ අවසන් කරලා,
අනුර පාර්ලිමේන්තු නායක උනා කියමුකෝ.
මං හිතන්නේ අනුර පල්ලෙහාට බහින එකක් නෑ.
බිමල්ව ඉහළට ගනීවි.
කවුද එතකොට ජනපති කරන්නේ...?
ඕවා සිරා ප්‍රශ්න හරි ද?
ආ... ලාල් කාන්ත ජවිපේ ලේකම් කරලා ටිල්වින්ව ජනපති කරයිද?
හරිනිව ඩිමෝට් කරන්නත් බෑ,
ඕවා සිරා ප්‍රශ්න හරි ද?

සමහරෙකුට සිරා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
විජිතගේ ශ එක, නැතිකම.
ඇත්තටම ශ එක පැත්තකට දැම්මම
එක්සත් ජාතීන්ගේ සංවිධානය
ඇමතීමෙන් රටට ගත යුතු වාසිය
ගත්තා කියලා කියන්න පුළුවන්.
දෙන්නකෝ පොඩි අත්පොළසමක්
විජිත ශ-හෝ ට.

* * *

අපිට ඔය ඕපදූපවලින් වැඩක් නෑ.
වහාම යුද්ධය නතර කරපියාව්!
හෝමුස් ඇරපියව්
පෙට්‍රෝල් මිල ඉවසන්න බෑ

* * *

"හිනාවෙන්න ආවත් ඇඬෙව්වේ ඔයා නේ"
එහෙම කරන්න එපා මරිකෝ.
ඔයා ඉන්දැද්දි පෝට්ටුවේ එකසිය තිස් හතරෙන්
රනිල්ව ජනපති කළාට එහෙම කරන්න එපා.

යා දෙක නොරත රත...

- නිහාල් රූපසිංහ
nihal.rupasinghe07@gmail.com


(image: https://www.facebook.com/namalamarasinghecartoonist)

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි