
කුරුලු අම්මා හොඳයි
අපේ අම්මට වඩා
ඉඩ හරී කන්න දුව පැන
ඇහිඳ ගෙඩි ගඩා
කුරුලු අප්පච්චි ගෙනේ
මොර මල් කඩා
අපේ අප්පච්චිට වගෙ
ඔහුට නැත විඩා
දොරට වඩිනා මගුල
ගත්තා චූටියට
හුඟක් නෑදෑයින් හොඳයි
නැති එක උන්ට
විහිළුවටවත් එපා
නැහැ කෙනෙක් කියන්නට
උඹලාට වගෙ පිං කොහෙද
මේ පොඩි අපට
සිංදු කිය කියා ඉන්නට
ඔහොම බැරි වේවි
පාස් නොකළොත් සිස්සත්වෙ
වැඩ වරදීවි
මිනිස්සු අම්මට තාත්තට
ඉතින් හිනැහේවී
උපන් ගෙයි මෝඩයා
හැමෝම මට බණීවි
- ස්වර්ණ කාන්ති පෙරේරා
pereramsk552@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.