Tuesday, 20 October 2026

පුතේ උඹ - රුවන් ඩී අළුබෝමුල්ලගේ



උපන් දා පටන් විඳි දුක් කන්ද අපමණයි
හපන්කම කිසි තැනක නොනැවතී ගිය එකයි
සැලෙන් නැති වේරම්බ ඉදිරියෙත් මහමෙරයි
ඉතින් නුඹ නවතන්න කාටවත් බැහැ තමයි

සත් පියුම් පිපෙන්නේ සාර මඩවල්වලයි
කොත් කැරැලි දිලෙන්නේ ඉර එළිය වැටුනමයි
නෙත් පියන් ඇරෙන්නේ හොඳම දේ දකින්නයි
රත්තරං පුතේ උඹ අපි දිනුව වත්කමයි

හෙට දවස දිනනවා සැකක් නෑ සත්තමයි
වැට බිඳින්නට ඉඩක් කාටවත් නෑ තමයි
කට පුරා හිනා මල් පිපෙනවා හරි හැඩයි
මට මගේ ලෝකයම ඇත්තටම සුන්දරයි

- රුවන් ඩී අළුබෝමුල්ලගේ
ruwand7@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්