Wednesday, 21 October 2026

"සිසිල" සාහිත්‍ය වෙබ් අඩවිය සහ ඔබේ නිර්මාණ



ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සැප්තැම්බර් 2021 සිට, අගෝස්තු 2026 දක්වා වසර පහක් තිස්සේ මාසිකව වාර ප්‍රකාශනයක් ලෙස නොකඩවා පවත්වාගෙන ගිය "සිසිල" සඟරාව, 2026 සැප්තැම්බර් මස සිට පවත්වාගෙන යන්නේ වෙබ් අඩවියක් ලෙසිනි.

"සිසිල" සාහිත්‍ය වෙබ් අඩවියේ අප පළකරන්නේ මූලිකවම ගද්‍ය සහ පද්‍ය නිර්මාණ වේ. මීට අමතරව, සමාජ, දේශපාලන කරුණු අලළා ලියවෙන තීරු ලිපි, විශේෂාංග ලිපි ද වෙබ් අඩවියේ පළවෙනු ඇත.

ඔබේ නිර්මාණ සිංහල යුනිකෝඩ් අකුරෙන් යතුරුලියනය කර පහත ලිපිනයට ඊ-මේල් මගින් එවන්න.

sisila.sangarawa@gmail.com

සියලු නිර්මාණ/ලිපි පළකරන්නේ නිසි පරිදි සංස්කරණයකින් පසුව ය. මේ සඳහා සංස්කාරකවරුන් කිහිප දෙනෙකුගේ සම්මාදම ලැබේ.

ජාතිභේද, ආගම්භේද සහ වෙනත් බෙදීමවලට තුඩු දෙන කරුණු සහිත නිර්මාණ/ලිපි පළ නොකර සිටීමට "සිසිල" සාහිත්‍ය වෙබ් අඩවිය පවත්වාගෙන යන ලේඛක සංසදයට බලය ඇත.

ස්තුතියි,

- "සිසිල" වෙබ් අඩවිය

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්