Wednesday, 28 October 2026

නාවුක සැමියාගේ ලියමන - අනුරුද්ධ වැලිගමගේ



සේද සළුවක දවටලා
පාට දේදුනු අමුණලා
ආදරේ තවරා එවන්නද
සීත හිම කඳු පෙන්නලා?

හීන් හඩකින් කොඳුරලා
සුළං පොදකුත් තවරලා
ආදරේ මතුරා කියන්නද
ඇවිත් තුරුලට ළංවෙලා?

වැඩමුරය මගෙ නිමවෙලා
ගෙදර එන දින බල බලා
රූපයක් අමුණා එවන්නද
වරායක ජැටියට වෙලා?

- අනුරුද්ධ වැලිගමගේ
anuruddhawe@yahoo.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්