Saturday, 10 October 2026

ඇස් නටවන බෝනික්කා - අමිතා පද්මකුමාරි



පුංචි දෝණි තනිකරලා
අම්මා ගියේ දුරු රටකට
ඇස් නටවන බෝනික්කෙක්
අරගෙන එන්නම් කියලා

තාත්තටත් සරුයිනේ දැන්
හැමදාමත් රෑට සාද
බුරියානී, ඇපල්, මිදි
දෝණිට ලැබෙනව යහමින්

තාත්තගේ හොඳම යහළු
මාමා දෝණි තුරුළු කරන්
සනසවද්දි හිස අත ගා
අම්ම ගේන්නට කලියෙන්
ඇස් නටවන බෝනික්කෙක්
දෝණි උකුලෙ නැළවෙනවා

- අමිතා පද්මකුමාරි
amithapadamakumari@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි