Saturday, 29 August 2026

​රම්‍ය සඳ ඔබයි - රංජිත් ද සිල්වා

Ranjith - Nanda.jpeg
ගලන ගඟක සුදු මුදු පෙණ මතු කෙරුනී
හදවිල කැළඹි පෙම් ජල රේඛා මැවුණී
රුක් අත්තන මලට බඹරුන් එනු පෙනුණී
ලය මඩලේ රන් දෙවොලක් යළි තැනුනී

අදටත් පවන හමමින් මන දිරි බන්දා
අවියක් වගේ සවියකි ඔබෙ හඬ නන්දා
ආරාධනා ස්වර දැහැනේ අපි රන්දා
අරලිය ලන්ද සතුටින් සඳ රැස් වින්දා

කඩමන්ඩියේ දොළ අයිනේ රිදී හඬයි
කලා වැවේ දිය දෝතේ සිසිල ඔබයි
සරුංගලේ හැඩ කෙරුවේ ඔබේ හඬයි
ගී අඹරේ නොබසින සඳ රැජින ඔබයි

- රංජිත් ද සිල්වා
ransil04@yahoo.co.nz 

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

3 comments:

  1. අති සුන්දරයි රංජිත්.
    සතුටුයි.

    ReplyDelete
  2. Beautifully written!

    ReplyDelete
  3. හෙළ ගීත ඉතිහාසයේ යශෝරාවය ලෙස විරුදාවලිය ලත් ඇයට මෙම විශිෂ්ට නිර්මාණය උපහාරයක්ම වේවා!

    ReplyDelete

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි