
අහසින් වැටි හිම කන්ද ගලාලා
අනෝතත්ත විල ඉවුරු තලාලා
වියරු වෙසින් ගිරි හෙල් ද පලාලා
දුවති අසුර සෙන් නියම්ගම් බලාලා
සුර අසුර සටනින්
ජයගත් අසුර සෙන්
දිව යති වියරුවෙන්
වනසා සුර විමන්
කෛලාශ කූටය
ශිව දේව විහාරය
බලව මේ විනාසය
කිමද ඔබගේ නිහැඬියාව?
පෙර කල සිදුහත්
වැඩ විසූ කිඹුල්වත්
බොහො දනෝ සිටි සිල්වත්
එවක මේ රට වී ය බලවත්
දුකට පත් සැම දනන් වෙනුවෙන්
මෙත්, කරුණා, මුදිතා, උපෙක්කාවෙන්
නිහඬ වූ දෙවිවරුන් නොතකන්
අපි අත දෙමු සැදැහැ සිතින්
- නිරන්ජන් සෙල්වදුරේ
jn.selvadurai@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.