Monday, 31 August 2026

හිස් - ස්වර්ණ කාන්ති පෙරේරා



පැන් තොටක් වී හිඳී මුවට බිඳුවක් නොදී
මල් මිටක් වී හිඳී සුවඳ කඳුලක් නොදී
නුග රුකක් වී හිඳී ගතට සිසිලක් නොදී
කප් තුරක් වී හිඳී පැතූ කිසිවක් නොදී

කුමර කුමරියන් අත්ගෙන සරන මානයේ
ඈත කොණකින් මතුව එයි සොයන ජීවිතේ
සකල විද්‍යා කලා දැනුම දන් දී සිතේ
මේ මොහොත විඳගන්ට පුලුවනිද ආ එකේ?

නැතේ පා සටහන් සියොතුනගෙ අහසේ
දියේ ඇඳි ඉර මැකී යයි විගස රහසේ
නිවී ගිය පහන් එළි ලකුණු ඇස නොගැසේ
ඒ වගෙයි ප්‍රේමයත් වැඩූ පෙර දවසේ

- ස්වර්ණ කාන්ති පෙරේරා
pereramsk552@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි