Sunday, 30 August 2026

සත්‍ය ප්‍රේමය - හෙක්ටර් ජයවර්ධන



ඈ කොතරම් මුඛරි ද,
කොතරම් නිදහස් ද,
කොතරම් ලස්සන ද,
යනු නොවේ මා හට වටිනුයේ
ඈ කොතරම් කාරුණික ද,
කොතරම් අවංක ද යන්නයි!

නිදහස හෝ මුඛරිය
කිසිවෙකුටවත්
සීමා කළ නොහැක
ලස්සන හිරු මෙන්
දිලිසෙන නමුදු
කරුණාව හා සත්‍යය
භිමිවනුයේ මාහට ම යි.

ඈ පසුපස යන්නන්
ඈ සමග අසුන්ගෙන,
ඇගේ මුඛරිය රස වින්දාට කම් නැත;
ඊට එරෙහිවීම
මහිස කළුගලක
හප්පා ගත්තා වැනි!

ඇගේ නෙතට වශීව,
සිහිවිකල කරගැනීමට ද,
ඇයට පූජාවක් ලෙස
හද පුළුස්සා
ගැනීමට ද මින් ඉඩ දෙමි.

ලස්සන යනු
ආන්තරාව සැඟවුණු නිසලතාවකි
කරුණාව හා සත්‍යය යනු
කාලයක් තිස්සේ
අත්හදා බලන ලද,
අපට විශ්වාසය
තැබිය හැකි,
සුරක්ෂිතව නැංගුරම් ලා හැකි
වරායක් බඳුවේ
සැඩ සුළඟක් එහි දී නිසල වූ විට
අපේ නිදහස ද
යළි ලැබෙනු ඇත!

කුරිරු කුණාටුවකට හෝ,
මුහුදු සොරෙකු සේ
අන්සතුදේ කොල්ලකන
රජකුමරෙකුට වුව ද,
අප බියවිය යුතු නැත!

- හෙක්ටර් ජයවර්ධන
hectorjayawardhana@gmail.com

ඉංග්‍රීසි කිවිවර හා නාට්‍ය රචක ඔරේලියන් ටවුන්ස්හෙන්ඩ් (1583-1649) ගේ නිබන්ධනයක් වූ "Upon kinde (sic) and true Love" නමැති කවිපෙලේ අනුවර්තනයකි.

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි