
මියුරු මියැසියකි
නොනැවතී වැයෙන
එකම තානමකට
හුදෙකලා ඈ සිත
ආනන්දයෙන් පුරවන
නුදුටුවද කිසිදින
මවා ගත් රූපය
රුවා සිත අද්දර
අසා සිටින්නිය ඈ
මේ මොහොතේ ද
වෙරළබඩ ගම්මානයක
අන්ධ නිවස්නයෙහි
දැල් කවුළුව අසල සිට...
- මාලතී රූපිකා පුංචිහේවා
malirupi17@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.