
තණ පතින් වැසුණු
මගෙහි මම පා නඟමි
දැන් නෙළූ මල් මිටක්
දෑත් මත තබාගෙන
දන්නෝ ද නොදන්නෝ ද
සියලු බර පසෙක ලා
ඉසිඹුවක් සොයා ගිය
නිසල භූමිය වෙතට
සුවසේ නිදන්නන්හට
බාධා නොවන සේ
සෙමින් පා තබා යමි
හුරුපුරුදු ඉසව්වට
වල් බිහිව ඇති නමුත්
සලකුණක් නැතිවුණත්
දැනෙයි මගෙ හදවතට
පියකුගේ උණුහුම සුවඳ!
- අමිතා පද්මකුමාරි
amithapadamakumari@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.