Sunday, 30 August 2026

මේක අපි හැමෝගේම රට බව මාලීනී පිළිගත්තා - නිහාල් රූපසිංහ



මාලිනී නන්දා, මාලිනී ෆොන්සේකා
දෙන්නම මාලිනීලා.
මාලිනී බුලත්සිංහලත් මතක් වෙනවා.
වික්ටර් සහ ක්ලැරන්ස් දෙන්නම
මාලිනීලා ගැන ගයා තිබෙනවා.
"පතිවත රකිනා කුල කුමරී මම ඔබ රැකගන්නම්"
වික්ටර් ගායනා කළේ සුනිල් ආරියරත්න රචනා කළ ගී පද.
ක්ලැරන්ස් ගායනා කළේ එයාගෙම ගී පද.
"බැලූ බැලූ අත පෙනෙන්නේ මාලිනියවයි"

මාලිනීලා මුහුණ දුන් අත්දැකීම් අචින්ත්‍යයි.
ඒත් සුරම්‍ය ම නොවූ බව රට වැසියන් විදියට
අපි චුට්ටක් දන්නවා.
මාලිනීලා පොළොවේ පය ගහලා ජීවත් වුණා.

නන්දා මාලිනියගේ විශිෂ්ටම පෙනී සිටීම
මට නම් අනුව අරගල භූමියට ගොස් තරුණ ජනයා
සමග එක් වී ගීත කීපයක් ගායනා කිරීමයි.
රටේ තීරණාත්මක මොහොත වෙනකම්
ඇය ඇයගේ ශක්තිය ඉතිරි කරගෙන හිටියා.
ජාතියක අම්මලා එහෙමයි.
මහා කන්දක ප්‍රදීපස්ථම්භයක් සේ නොසෙල් වී
ආලෝකය දෙමින් සිටි ඇය අපේක්ෂා
සාක්ෂාත් කරගන්නා තෙක් හුස්ම හෙළන්නට බැහැ.
හුස්ම ටික අල්ලාගෙන සිටිය යුතුයි.
මං හිතන්නේ නන්දා මාලිනීයට
ඒ භාග්‍ය ලැබුණා.

මං හිතන්නේ ඇයට
ඇයගේම ප්‍රාර්ථනයක් තිබුණා.
සුදු රෙදි කඩකින් විලි වසාගෙන
තවුසියක සේ ජීවත්වී
තවුසියක මෙන් අවසන් ගමන් ගියා.
මං හිතන්නේ ඉතින් ඉන් පසුව
ඇයට සිහින තිබුණ ද කියල හිතෙනවා.

අරගලෙන් පස්සේ දැන් තියෙන්නේ අලුත් රටක්

විටෙක මම ගෝර්කිගේ අම්මා පොතට එකඟ වුණේ නෑ.
කරුණාසේන ජයලත්ගේ ගොළු හදවතට එකඟ වුණේ නෑ.
එලෙසම නන්දා මාලිනියගේ
සටන්කාමීන් පරල කර සටන් අවුල වන ගීත වලට කැමති වුණේ නෑ.
කොළඹ ඉහළ පාසල්වල පන්දු කෙළින අමනයින්
සන්දර්භයෙන් (context) එකෙන් එළියට ගත්තොත් සමාජය
ඛණ්ඩනය කරන, භේද බින්න කරන අදහස්.

ඒ ගොල්ලො පැනලා ගියා කොල්ලො මැරුණා,
ඒකයි මගේ හිතුවිල්ල.

ප්‍රභූන්ගේ ලොක්කා ද මියගිය නන්දා මාලනිය බලන්න ගියා.
චන්ද්‍රිකා ඇය නැති වෙන්න පෙර ගියා.
ඇය ඇන්ඳේම සුදු.
ඇය කිව්වේ එකල අඳින්න දෙයක්
තිබුණේ නැති නිසයි සුදු ඇන්දේ
පසුව එය පුරුද්දටම ගියා කියලා.

ඇයගේ මල මිනියේ වටිනාකම ඇය දැන සිටියා හොඳින්.
එනිසා කාටවත් එය විකුණගන්න ඉඩක් තිබ්බේ නෑ.

අමරදේව මහගමසේකර සුසංයෝගය වගේම
නැගල ගිය සුසංයෝගයක්
නන්දා මාලිනි සුනිල් ආරියරත්න සුසංයෝගය

දැන් මට ඇය සමග අමනාපයක් නෑ
ඇය ගයා තිබෙන
දහසකුත් එකක් මධුර මනෝහර ගීත අතරින්
ගීයක් දෙකක් අමතක කළ හැකියි

මහාචාර්ය සරත් විජේසූරිය
කියනවා ඇය අසම සම කාන්තාවක්
පරමාදර්ශී චරිතයක්
දැනෙන්න ජීවත්වුණා කියලා.

1983, ජාතිවාදී කෝලාහල වලින් රට මහත් ව්‍යසනයකට පත්ව තිබූ
කාලයේ දිනෙක නන්දා මාලිනිය විසින්
මේ සිංහල අපගේ රටයි ගීය
කොළඹ විශ්වවිද්‍යාලයේ නවකලාගාරයේ දී ගැයූ අවස්ථාවේ දී
මහාචාර්ය සුචරිත ගම්ලතුන් අතින්
ඉතාම දැඩි ප්‍රහාරයට ලක්වුණා
ඇය එතන දී පොරොන්දු උනා නැවත ඒ ගීය නොගයන බවට
සහ ඒ අනුව ඇය පොරොන්දුව ඉෂ්ට කළා.

ඒත් මේ ළඟදි සිඩ්නි ඔපෙරා හවුසියේ තිබූ මහා ප්‍රසංගයක දී
ගායකයෙකු විසින් ඇය විසින්ම ගැයීම නවතා දැමූ ඒ ගීය
ඇයට උපහාරයක් කරන විලාසෙන්
නැවත ගයන්න උත්සහ කලා.
එමෙන්ම තව ගායකයෙකුත්
යම් ජාතිවාදී ගීයක් ගයන්න උත්සාහ කළත්
ප්‍රේක්ෂක ප්‍රතිචාර එතරම් හොඳවුණේ නෑ.

අරගලෙන් පස්සේ දැන් තියෙන්නේ අලුත් රටක්

අරගලයත් ආවේ විසි දෙකේ
ව්‍යවස්ථා සංශෝධනයත් විසි දෙක
ඊයේ පෙරේදා පැවති උත්සවයක දී
ජනපතිතුමා ස්ථිර කළා
කිසිම හේතුවක් නිසා 22 පස්සට ගන්නේ නැහැ කියලා.
ඒ අධිෂ්ඨානය ශ්‍රේෂ්ඨයි.
නායකයෙකු ලෙස එය තිබිය යුතුයි.
"වැරදි තිබේ නම් හදාගන්නත් ලෑස්තියි.
රටේ ජනතාවට බිඳකුදු වරදක් වෙන්නට
මම ඉඩ තියන්නේ නැහැ"

නීතිඥ අශෝකලාත් පොඩි ටෝක්ස් එකක් දෙනවා දැක්කා
22 වෙනුවෙන්
බෝම කලාතුරකින් දැක්කේ.
අධිකරණ පද්ධතියේ නව යහපත් පරිපාලන ප්‍රවණතා
ඔහු ඉහළින් අගය කළා.

වාසු ආණ්ඩුවේ 22 වෙනුවෙන් තදින්ම පෙනී ඉන්නවා
වාසු 1971, ජවිපෙ කැරල්ල සමයේ දිනෙක
පාර්ලිමේන්තුවට මල්වඩමක් ගෙන ගියා.
ප්‍රේමදාස සමයේ සෙංකෝලය උස්සන් යන්නට තැත් කළවිට
යූ එන් පී ආණ්ඩුවේ කස්ටිය බිම දාගෙන වාසුට නෙලුවා.

කොස්ගස් හන්දියේ න.ස.ස.ප. රැළියට 88/89 කාලේ වෙඩි තිබ්බේ,
බෝම්බ ගැසුවේ
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලායි කියවුණේ
බාහුට වෙඩි වැදුණා
වාසු බේරුණා
චන්ද්‍රප්‍රේම මියගියා.
2005 වාසු මහින්ද ළඟට ගියා.
2015 බාහු රනිල් ළඟට ගියා.
2018 ගෝටා සමයේ ‘අයි එම් එෆ්’ එකට ගියොත්
දිවි නසාගන්නවා යැයි වාසු කීවා.
හර්ෂණ යනු වාසුගේ සහෝදරයා වන යසපාලිතගේ පුතා ය
වාසු ගේ පොත නිකුත් කිරීමට හරිනි ගියා
2026 වාසු එන් පී පී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවා
නන්දා මාලිනී බලන්න ගිහින් වාසුත් ඇඬුවා.

කාගේ කාගේත් වාමාංශික විප්ලව ළදරු වලිප්පුව
සුව වී ඇති සෙයකි!

සැමට සම අවස්ථා උදාකිරීම අද දවසේ විප්ලවයයි.
විනාශ කෙරුණු පරිසරය යථාවත් කිරීම අද දවසේ විප්ලවයයි.
විනාශ කෙරුණු, ඔළුවෙන් සිටවා ඇති ලංකාවේ සමාජය
දෙපයින් සිටවා යථාවත් කිරීම
අද දවසේ විප්ලවයයි.

අරගලෙන් පස්සේ දැන් තියෙන්නේ අලුත් රටක්!
මේක අපි හැමෝගේම රට!

Bankuwa.jpeg
- නිහාල් රූපසිංහ
nihal.rupasinghe07@gmail.com


මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

1 comment:

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි