Monday, 31 August 2026

මිනී මස් කෑ නිට්ටෑවන් ජීවත් වූ නිට්ටඹුව - නිමල් සේදර



නිට්ටඹුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොළඹ මහනුවර පාර අසබඩ පිහිටා ඇති උප ප්‍රධාන නගරයකි. අත්තනගල්ල රජමහා විහාරය, වාරණ ලෙන් විහාරය යන බෞද්ධ සිද්ධස්ථාන සහ හොරගොල්ල බණ්ඩාරනායක නිවස ද නිට්ටඹුව ප්‍රදේශයට අයත්වන අතර දෙයියන් පැන්න දිය ඇල්ල, අලවල ඇල්ල සහ ගොරකා ඇල්ල යන සෞන්දර්යාත්මක ස්ථාන ද පිහිටා ඇත්තේ නිට්ටඹුවේ ය.

නිට්ටඹුව යන නම ඇතිවීමට හේතු වශයෙන් දැක්වෙන්නේ "නිට්ටෑවන්" නම් මිනිස් රුව තිබුණු සත්ව කොටසක් මේ ප්‍රදේශයේ වාසය කර ඇති නිසා ඒ නම මත නිට්ටඹුව යන නම ගොඩනැගුණු බවයි.

නිට්ටෑවන් පිළිබඳව විකිපීයාවෙහි සටහන් වෙන තොරතුරු මෙසේ ය.

"නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හැඳිවෙන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ විසූ ගෝත්‍රික කණ්ඩායමකි. ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන අවසන් ය. ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇති බව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කළ හැකි යි. ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැලැකේ. කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිලි වෙයි. මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීම යි. මොවුන් ගේ ග්‍රහණයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන් ය. වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුහු ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුණු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑ හ. තව ද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාර ද සොරා ගැනිණි. මේ ආකාරයට වැද්දන්ට මොවුන් ගෙන් වූ අපමණ කෙනෙහිලි කම් හමුවේ වැද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. මෙම නිසා වැද්දන් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා ගිනීලෑ බව මූලාශ්‍රවල දැක්වේ. නිත්තෑවෙල නිට්ටඹුව ආදී මේ හා බැඳුණු ග්‍රාම නාමයන් මගින් නිට්ටටෑවන් පිළිබඳ පුරාවෘත්ත වලට වාග් විද්‍යාත්මක සාක්ෂි ගෙනහැර දක්වයි. බොහෝ දෙනා නිට්ටෑවන් පිළිබඳ සංකල්පය හුදු මිථ්‍යාවක් ලෙස ගෙනහැර දැක්වුව ද මෙම අදහස එකහෙළා බැහැර කල නොහැකි කරුණක් බව ඇතැම්හු තර්ක කරති."
(https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E2%80%8C%E0%B6%A7%E0%B7%91%E0%B7%80%E0%B7%9D)

නිට්ටෑවන් වාසය කළ නිසා නිට්ටඹුව මෙන් නම් කරන ලද ස්ථාන තවත් ශ්‍රී ලංකාවේ ඇති බවට ද තොරතුරු ඇත. "නිත්තවල" යන නම පසුපස ද ඇත්තේ මේ කතාව ම බව පැවසේ.

නිත්තෑවන් පිළිබඳව වෙනත් තොරතුරු මෙසේය.

"නිත්තෑවෝ (නිට්ටෑවන්) යනු අතීතයේ ශ්‍රී ලංකාවේ වනාන්තරවල වාසය කළ බවට පැවසෙන, වර්තමානය වන විට මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම වඳ වී ගොස් ඇතැයි සැලකෙන අභිරහස් ප්‍රාථමික මානව කොට්ඨාසයකි.

ශරීර ලක්ෂණ: මොවුන් මිටි සිරුරකින් යුක්ත වූ, මුළු සිරුරම ලෝම හෝ ඝන රෝමවලින් වැසුණු, අසාමාන්‍ය ශක්තියක් ඇති පිරිසක් ලෙස ජනප්‍රවාදවල දැක්වේ.

වාසස්ථාන: ශ්‍රී ලංකාවේ ඌව, බත්තලොය සහ නැගෙනහිර පළාතේ වනාන්තර ආශ්‍රිත ගුහාවල හා පර්වත අතර ජීවත් වන්නට ඇත.

භාෂාව සහ හැසිරීම: මොවුන්ට නිසි මානව භාෂාවක් නොතිබූ අතර, සතුන් මෙන් ශබ්ද නඟන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් මාංශ භක්ෂකයන් ලෙස ජීවත් වී ඇත.

- නිමල් සේදර
nimalsedera@yahoo.com

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි