Monday, 31 August 2026

​හමු වී වෙන්වීම - ෂර්මිලා බංදුනී දංවත්ත

Sharmila.jpeg

බොහෝ දිනකට පසුව
අප හමුවිය
හමු නොවූ කාලය
ශතවර්ෂ ගණනකට සමාන ය

එනමුත්...,
දිනක් හෝ
වෙන් නොවී සිටි ගාන ය
නවත්තපු තැනින්
පටන්ගත හැකිය සංවාදය

මේ අහස
මේ පොළොව
එදා වාගේ ම ය
සඟවපු තැන්වල මුල් ඇද
පැල වී තිබේ ප්‍රේමය

සුවඳින්ම පමණක්
පුරවා සන්තානය
සමුගැනීමෙන් තොරව
අදත්...,
වෙන්වී යා යුතු ම ය

- ෂර්මිලා බංදුනී දංවත්ත
sharmiladanwatte@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි