
මුවදොර අභියසදි ගඟක්
අතැර හුරුපුරුදු අක්මුල්
සැරසෙයි නවමු ඇරඹුමකට
සිව්දිගින් ගැලූ ගංඟා සමඟ
අත්වැල් බැඳ එකම නමකින්
එක්ව ගමනක් යන්නට
මහද්වීප දූපත් තබා එක යායක
සිපගන්නට එ'හැම වෙරළක්
- රුවන්මලී කොඩිකාර
ruwanmalekodikara@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.