Thursday, 3 September 2026

සකලබුජං - රසික සූරියආරච්චි

වයස හතෙ අටේ පටං
කොට කලිසම ඉනේ බැඳං
අපේ ගෙදර බැල මෙහෙවර
කරපු කොලූ සකලබුජං

අම්මෙක් නැති සකලබුජං
අප්පෙක් නැති සකලබුජං
මං පාසැල් ගොස් එනතුරු
ගෙදර හිටිය සකලබුජං

අම්ම කියයි පොල් ගාපං
අක්ක කියයි අතු ගාපං
දිය ඇදපං දර පලපං
හැම දේටම සකලබුජං

නිදි මැරුවා සකලබුජං
ටොකු කෑවා සකලබුජං
ළමා දිවිය බැල මෙහෙයට
දිය කෙරුවා සකලබුජං
තිස් වසකට පෙර දිනයක
අපේ අතින් වුණූ වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයන්!

- රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි