Tuesday, 1 September 2026

වසන්තය එළැඹි කල - නයන්ත ජගත් පුංචිහේවා



දොම්නස් හැඟුම්
පළවාහරින
අරුණැල්ල

පෙති දෙපෙති වී
තුරු වියන
හරිත පැහැ ගෙන

සකුණ මියැසි
ගී රාව
දෙසවන් පුරවන

තණ පත් සිනා සී
නිදි ගැට හැර පිබිද
හිරුට පෙම් බඳින

දෑසට දෑසක් හමුවෙන
උද්‍යාන
උණුසුමින් පිරෙන

- නයන්ත ජගත් පුංචිහේවා
pnayantha@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්