
කාලය යනු
මිම්මක් ද?
නැතිනම්
හැඟීමක් ද?
දශක ගණනකට
එහා දිනයක
රැයෙහි...
ගෙනගිය ඔබ
තවත් එක් නමක් පමණ ද?
එන්නෙමැයි කියා නික්ම ගිය
ඔබ එනතුරු මග බලන
ජනපද කලණ නොවුන ද
නිවෙන්නට ගිය ගමනක්
නොවන බව දැන
ඇවිලෙන හදවතිනි තවම!
- ෂර්මිලා බංදුනී දංවත්ත
sharmiladanwatte@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.