
නුඹම හැඩිකළ මගේ යටි සිත
අමැද අවසන් කරන්න
ඉතින් කොපමණ කලක් යාවි ද
නොසඟවා මට කියන්න
ඉපිලි ඉපිලී මැවෙන සිතිවිලි
සඟවගෙන බෑ හිඳින්න
ගළප ගළපා පුබුදුවනු හැර
නොහැක සිරකර තබන්න
කොතෙක් නම් ආයාස කෙරුව ද
මට නොහැක පිස දමන්න
එහෙම අසමත් හේතු ගළපමි
කෙලෙසවත් බෑ හිතන්න
අමැද අවසන් කළ නොහැකි නම්
කොනක මුල්ලක තබන්න
එතැන කොතනද සොයා ගන්නට
සුවඳ මා ළඟ තියන්න
- රංජිත් කිරිඇල්ල
ran.kiri60@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.