Saturday, 19 September 2026

උදෑසන ගීතය - හෙක්ටර් ජයවර්ධන



තෙතබරි කැදැල්ලෙන්
නික්මී තුලිකාවා
පිනි බැඳි පියාපත්
ගසමින් පියෑඹුවා
ඉඳුරු දිගින්
මේ කවුළුව දිස්වූවා
ආලෝකයක් යැද
කන්කලු ගී ගැයුවා.

අවදිවන්න! අවදිවන්න!
අරුණෝදයක් යලි
උදා නොවනු ඇත
ඇගෙ රුසිරෙන්
සරසා මිස ඔබ නෙත.

නැවියාගේ තරුව
වෙළෙන්දගේ ගමන් මඟයි
හාන්නට සුදුසු සෘතුව
සොයාගන්නේ හිරුගෙනුයි

එවැනි විශ්ව සාධක
මොනවද කියාවත් නොදැනී
තවමත් මවිතවන පෙම්වතෙක්
නැඟිටීමට පෙර තම පෙම්වතිය
සොයමින් සිටී නව දවසක්

අවදිවන්න! අවදිවන්න!
ගලවා ඉවත්කර
තණතිල්ලේ වේලය
කඩතුරාව් මෑත්කර
නරඹන්න අරුණෝදය

- හෙක්ටර් ජයවර්ධන
hectorjayawardhana@gmail.com
(ඉංග්‍රීසි කිවිවර හා නාට්‍ය රචක ශ්‍රීමත් විලියම් ඩැවනන්ට් (1606-1668) විසින් "Morning Song " මැයෙන් නිබන්ධිත පුනරුද ගීතිකාවේ අනුවර්තනයකි.)

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

2 comments:

  1. මීට පෙර මේ හා සබැඳි ගීතයක් ඇතිනිසා මෙය නවමු අත්දැකීමක් ලෙස රස විඳිය නොහැක.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන ගීතය කුමක් ද? සිංහල එකක් ද, ඉංග්‍රීසි ගීතය ද?

      Delete

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි