Tuesday, 8 September 2026

සෝදුපත් බලන්නෙපා බිඳුණු අපෙ ආදරේ - අනුරුද්ධ වැලිගමගේ



සෝදුපත් බලන්නෙපා බිඳුණු අපෙ ආදරේ
ආයෙමත් ලියන්නෙපා පටුන ප්‍රේමාදරේ
මුදුව අතැඟිලි අතර රැඳුනත් නැහැ නෙ ඒ ආදරේ
ආයෙමත් අහන්නෙපා මගෙන් ඒ ආදරේ

බිදුණු හිත මගෙ තැලුණු හැටි ගැන දන්නෙ නම් මේ මම තමා
ආයෙමත් වටයක් ගිහිල්ලත් ආවෙ නම් ඒ ඔබ තමා
සීත කදු හෙල් නිම්න මැද්දෙන් හමන සුළගේ සැර නිමා
ඔබ තුරුල්ලේ දැනුණු උණුහුම රසම රස මතකම තමා

සමාවට ඔබටත් කාරණා පදම වැඩියට ඇති තමා
ඒත් කොහොමද හදාගන්නේ බිඳුණු හිත යලි මෙමා
එකම වහලක එකට හිටියොත් කඳුළු ගගුලැල් තෙම තෙමා
මොකට අපි දුක් විදිනවද දැන් වෙන්වීම යහපත් තමා

- අනුරුද්ධ වැලිගමගේ
anuruddhawe@yahoo.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි