Sunday, 22 November 2026

ටිකක් ඉවසමු - රුවන් ඩී අළුබෝමුල්ලගේ



දක්කන්න කෙවිට මොකටද පාර තියෙනකොට
පීල්ලට වැටුනනං යන්න හැකි ඉදිරියට
එහෙම වුණු පළියට ම අනෙක් උන් දකින්නට
නැති වුණොත් ඇස්, ඉතිං සොරි තමයි අපි, අපිට

පෘතුගීසි පන්නලා ලන්දේසි ගෙන්නගත්
ලන්දේසි පන්නලා ඉංග‍්‍රීසි ගෙන්නගත්
යුගය අමිහිරි තමයි ඉඟුරු දී මිරිස් ගත්
ඒ ස්වරය වයයි දෝ හදවතේ සියුම් තත්

කනමැදිරි එළිය මහ එළියක්ද අඳුරකට
සඳ එන්නෙ නෑ තමයි අමාවක අහසකට
කළු මදින විට අපෝහක වාද එක ගොඩට
ගුල්ලො ගහවි ද මන්ද රත්තරන් මාලයට

වැටුණු විට නැගිටින්න බොහෝ අපහසු තමයි
නොයෙක් දේ හිිතෙනවා සැක සහිත තැන් බොහොයි
එහෙම නැතුවම සැපට ගමන යනවා බොරුයි
ටික කලක් රිදෙනවා ඉවසන්න වෙනවමයි

- රුවන් ඩී අළුබෝමුල්ලගේ
ruwand7@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්