Monday, 9 November 2026

මල් ගොමුව තනි කළේ නැත - ඩේසි ද සිල්වා



දුටු ගමන් සතුට උපදින මල් ගොමුවේ
හිටිගමන් සීත සුළඟක් නොවැ හැමුවේ
කටු මැදින් පිපී හිනැහෙන පෙති හැලුවේ
පිටු ගණන් ලියන්නට මා සිත යොමුවේ

සමනල තුඩ පහස සැදු ලෙන්ගතුබාවේ
අහවල් සතුට බෙදු මිහිරක රසතාවේ
දහවල් නොමැති තරු රෑ අහසට යාවේ
නිවහල් පැතුම් සිත්මල් ගැඹුරෙහි පාවේ

සඳ, හිරු බසී තම සේවය කර නිමවා
උදයේ පිපුණු මල් හවසට පරවෙනවා
රෑ පිනිපොද වැදී නවමල් පුබුදිනවා
ඒ මල් හිරු රැසින් හැකිළී මියැදෙනවා

අතු, ඉති, රිකිලි, දළුලන මල් පියලි මැද
පලා ගිරව් පණුවන් තනිකරනව ද?
බඹරුන්, සමනලුන් ප්‍රේමෙන් නටන ලද
නිලමැස්සන්ට මල් ගොමු අත වනාවි ද?

ගම්බද නගරබද යනුවෙන් බෙදී නැත
උස්මිටි භේද පාටෙහි තැවරිලා නැත
දුක හා සතුට සමරා මල් පිපී එත
ඒ මල් සොඳුරු මල්ගොමු තනි කළේ නැත

- ඩේසි ද සිල්වා
desi2010@hotmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්