
අහෝ මාගේ දෙවියනි,
සවන් දෙනු මැන මා හට
ඉවතලන්න ඔබේ වේවැල,
ඉවතලන්න ඔබේ ක්‍රෝධය:
තෝරගන්න මුදු මාවත.
ආශාවෙන් පිරුණු මා හද
නැමෙනුයේ ඔබේ හද දෙසට:
මාගේ පැතුම් සියල්ලම ද,
පූර්ණ එකඟතාවකට.
කෙනෙකු අයිතිකර ගන්නට නම්,
වචනයක් හෝ බැල්මක් නොවේ
අවශ්‍යවන්නේ පොතකි මා හට,
ඒ ඔබටම හිමි පොත වේ.
අසමත්වුව ද, මම වැලපෙමි:
මාගේ ගමන නැවතුනවිට,
බඩගා හෝ ඉදිරියට ය
කරුණාවේ සිහසුන මුලට.
ඉතින් ඔබගේ ක්‍රෝධයට
ඉඩ දෙන්න ඉවත්වීමට;
ඉතිරි කටයුතු කිරීමට
පුලුවන්වේ ආදරයට:
ආදරය කොතැනද එතැන
ගල් හදවත්වලින් වුව ද
හැකිය ලේ ගලා යන්න.
කඩිසරව පා තබන ආදරය;
සන්නද්ධ සොල්දාදුවෙකු වැනිය,
මනාව දනී හේ දුනු හරඹය,
දුර සිට පහර දීමටද හැකිය.
කාහටද බේරීමට පුළුවන්,
ඔබ හෙළා දුටු ඔබව බිම දමා
ඔබට දුක් දුන් ඔහුගෙ දුන්නෙත්?
කළ යුතු කුමක්දැයි දනිමි මම.
ඔබේ වේවැල ඉවතලන්න;
මිනිසගෙ අඩුපාඩු ඇත එමට,
ඔබයි දෙවියන් සැමදාට:
ඔබේ ක්‍රෝධය අත්හරින්න.
- හෙක්ටර් ජයවර්ධන
hectorjayawardhana@gmail.com
ඉංග්‍රීසි ජාතික කවියෙකු, අභිදේශකයෙකු සහ එංගලන්ත ක්‍රිස්තියානි සභාවේ පූජකවරයෙකු වූ ජෝර්ජ් හර්බට් (1593-1633) ගේ "Discipline" නමැති කාව්‍යයේ අනුවර්තනයකි.
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.