
ඇයි ඔච්චර මහත් වෙලා
ජිම් එකකටවත් යන්නෙ නැද්ද?
මම ඔයාගෙන් ඇහුවා
ජිම් යන්න!
ඔයා මට හීනෙනුත් රැව්වා.
තම්බගෙන බතක්, කරියක්
තුන් වේල කන එක ම කලාවක්
ඔයා මට බැණ බැණ ම කිව්වා.
සේකරගේ "ප්‍රබුද්ධ" මං ළඟ තිබුණා
යසෝදාට ඔයා කැමති නැති බව මට කිව්වා
අහිංසක හිනාවක් එක්කම.
මාවත් ඇදගෙන දවසක්
ගම්පහ "මේඛලා" එකට
"ආදරණීය වස්සානය" බලන්න ඔයා ගියා
මතකද,
කඳුළු ඇස් දෙකේ පුරෝගෙන ඔයා මං දිහා බැලුවා?
අහම්බෙන් ලිප්ටන් වටරවුමෙදි
මං ඔයාව දැක්කා
හොඳටම මහත් වෙලා!
ඉස්සරහින් ආව යාචකයෙකුට
බෑගයෙන් අරන් රුපියල් සීයක් දුන්නා
චූටි මල් හිනාවකුත් එක්කම
හිත හැදෙන්න ආදරෙන් කතා කළා.
වටරවුම පහුවෙද්දී
ඔයා පාර පැනලා ගිහින්.
කැබින් එකේ පන්දාහේ කොළ වගයක්
මට සරදමට හිනාවුණා!
- කැළුම් චතුරංග
akvchathuranga@gmail.com
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.