Saturday, 14 November 2026

මං තනිවෙලා - නිලන්ති සමරසිංහ



ආච්චී බණ පොතක්
හැමදාම සිල් රකින
උදෑසන මල් නෙළුම
පමණි මට ඇගෙ දැකුම

අලුත් පාසැලේ තමයි
අක්කගෙ කිචි බිචිය
දුරකථන තිර දිහා
යොමා ඇස් අරුමැසිය

අපේ අම්මා යූටියුබ්
බලාගෙන මුලු දවස
අලුත් රසවත් කෑම
ඉවුම මැ යි ඇගෙ සතුට

වැඩ ඇරෙන තාත්තා
මහා බර පොතක් මැ යි
දැනුම ගබඩා කෙරුම
ඔහුගෙ බර දිවිය මැ යි

බෝනික්කො පේළියයි
කැලේ සත්තුත් ඇවිත්
මගෙ තනිය මැකුවාට
තනි වෙලා මං තවම

- නිලන්ති සමරසිංහ
nilanthisamarasinghe5@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්