Friday, 30 October 2026

හිස් නැති හිත් - රංජිත් කිරිඇල්ල



ගමේ ඉඳන් මේ නගරෙට
පෙර දවසක මා එද්දී
අරන් ආව ඒ වස්තුව
මෙතුවක් කල් මා ගාවයි

මවුනි පියාණෙනි ඒ ඔබ
දෙදෙනා මට කියා දුන්නු
ගුණ දහමයි, සරල ලොවයි,
පහන් සිතයි, මිනිස් කමයි

සහතික ගොනු, ඇඳුම් මල්ල,
මඟ වියදම මිට මොලවා
වහලේ පඬුරක් බැඳලා
හිස අත ගෑ'යුරු මතකයි.
එයින් එහා අරන් ආවෙ
පෙළපත සහ නම පමණයි.

දෙමාපියන් උගසෙ තබා
නො ආ සතුට මට උරුම ද?

පදිංචි ගේ වත්ත පිටිය
උගස් තබා ආ දරුවෝ
තවමත් මෙහෙ විඳවනවා,
උගස සින්න වෙලා කියා.
මාපියො දැක බලාගන්න
නොයමින් මඟහරිති එවුන්!

මම හෙට එනවා අම්මේ
දොඩමළු වෙමු අපි යහමින්!

- රංජිත් කිරිඇල්ල
ran.kiri60@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්