Monday, 31 August 2026

අපි දැන් කල් ඉකුත් වූ අබලි කැබලි ය - මාලිනී ගනේවත්ත



ලියුම් කියුම් මුතු ඇට අකුරු වැලකිනී
සියුම් සිත්තමක රේඛා හරි කෙලිනී
මැවුම්කරු වුණත් හරියට සිතු බැවිනී
සිතුම් පැතුම් තිබුණේ උස් කඳු ලෙසිනී

ඉවුම් පිහුම් සේදුම් හනි හනිකට ය
මැහුම් ගෙතුම් පෙනුමට හැඩ වැඩට ම ය
ගමන් බිමන් සිතු විට සිතු විදියට ය
එවන් කලක් තිබුණෙත් අප අපට ම ය

කාලය අඳුරු සළුවකි දිග ඇදී ගිය
ලීලය නොපෙන්වා සැම හිස් වසා ගිය
තාලය වෙනස් විය ගැයුම ද වෙනස් විය
මාලය කුමට මුතු ඇට ටික දුරස් විය

එ දවස මගට බට විට කසිලිබිසිලි ය
දුර අඩි තබා යන විට සැලුණි මිහිලිය
අඩියක් තබන්නේ දැන් පැකිලි පැකිලි ය
අපි දැන් කල් ඉකුත්වූ අබලි කැබලි ය

- මාලිනී ගනේවත්ත
mganewatta@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

1 comment:

  1. හරිම තාත්වික කාව්‍යයක්

    ReplyDelete

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්